කොවිඩ් -19 හෙවත් කොරෝනා වෛරසය ආසාදනය වී අයි.ඩී.එච්. උණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි පුද්ගලයෙකු අද උදෑසන මිය ගොස් තිබෙනවා.

ඔහු 80 හැවිරිදි වියේ පසුවන්නෙකු බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ ප්‍රකාශ කළේ.

ඒ අනුව මෙරට කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් පුද්ගලයන් 6 දෙනෙකු මේ වන විට ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

මේ අතර, බ්‍රිතාන්‍යයේ සිටි ශ්‍රී ලාංකිකයින් දෙදෙනෙකු ද කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් ජීවිතක්ෂයට පත්වී ඇති බවට වාර්තා වනවා.

අවුරුදු 62 සහ 72ක පුද්ගලයන් දෙදෙනෙකු මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇති බවයි බ්‍රිතාන්‍යයේ හිරු වාර්තාකරු ජනක අලහප්පෙරුම සඳහන් කළේ.



Source link